කුවේටයේ මාර්ග අනතුරු වලින් 176ක් මිය ගිහින්



ජනවාරි මාසයේ සිට මැයි 20 දක්වා කාලය කුල කුවේට් රාජ්‍යයේ සිදුවූ  රිය අනතුරු වලින් පුද්ගලයින් 176 දෙනෙකු මියගොස් ඇති අතර එම සංඛ්‍යාවට කුවේට් ජාතිකයින් සහ විදේශිකයින් ඇතුලත් බව කුවේට් මෝටර් රථ දෙපාර්තුමේන්තුව ඉදිරිපත් කරන ලද නවතම සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වේ.

එම සංඛ්‍යා දත්තයන්ට අනුව රිය අනතුරු 38,000ක් සිදුවී ඇති අතර පුද්ගලයින් 3840ක් තුවාල සිදුවී ඇත.

රියදුරු බලපත්‍ර නොමැති විදේශිකයින් 101දෙනෙකු පිටුවහල් කර ඇති අතර මාර්ග නීති උල්ලංඝණය කරන ලද සංඛ්‍යාව 666,000 බව එම දෙපාර්තුමේනතුව ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS