කුවේටයේ මහ මැතිවරණයක්



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, සෞඛ්‍ය උපදෙස් මැද කුවේටයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (5) පැවැත්විණි.

මේ වනවිට කුවේටයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් ගණන 1,44,164 කි. කුවේටයෙන් වාර්තා වන මරණ 889 ක් බව පැවැසෙයි. සුවය ලැබූ ආසාදිතයන් ගණන 1,39,610 කි.

ඔපෙක් සංවිධානයේ ධනවත්ම රාජ්‍යයක් ලෙස සැලකෙන කුවේටය මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ, කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල සීඝ්‍රයෙන් පහළ යෑමට පටන් ගැනීම නිසාය. කුවේටය ණය අර්බුදයකට ද මුහුණ පා සිටින බව පැවැසෙයි.

කුවේට්සිටීහිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS