කුවේටයේ ඔටුන්න හිමි කුමරු නම් කෙරේ



කුවේටයේ නව එමීර්වරයා වන ෂෙයික් නවාස් අල් අහ්මද් අල් සාබා විසින් ඔටුන්න හිමි කුමරුන් ලෙස ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් සාබා නම් කර ඇතැයි වාර්තා වේ.

ඔටුන්න හිමි කුමරුන් ලෙස ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් සාබා නම් කිරීම සිදුවූයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය පරිදිය. පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන් ඒකමතිකව ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් සාබා ඔටුන්න හිමි කුමරුන් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් ඒකමතිකව කැමැත්ත පළ කළේ යැයි කුවේට් පුවත් සේවා වාර්තා කරයි.

ෂෙයික් නවාස් අල් අහ්මද් අල් සාබා කුවේට් එමීර්වරයා (රජු) ලෙස තෝරා ගැනීම සිදුවූයේ ඔහුගේ සොයුරු මෙන්ම කුවේටයේ විදෙස් ප්‍රතිපත්ති නිර්මාතෘවරයා ලෙස ද සැලෙකන ෂෙයික් සබා අල් අහ්මද් අල් ජබාර් අල් සදාහ්ගේ අභාවයෙන් පසුවය.

කුවේට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS