කුවේටයේ එමීර් තුර්කියේ



ෂෙයික් සබාහ් අල් අහමද් කුවේට් එමීර්වරයා සිව්දින නිල සංචාරයක් සඳහා තුර්කිය බලා පිටත් වේ.

හමුදා ගෞරව උත්තමාචාර මැද තුර්කි ජනපතිවරයා විසින් කුවේට් එමීර්වරයා පිළිගැනීමට නියමිතිය.

තුර්කි ජනපති තාය්යිප් එර්ඩොගාන් ගේ ආරාධනයකට අනුව එරටට යන කුවේට් එමීර්වරයා දෙරට අතර දේශපාලන ,ආරක්ෂක ,ආර්ථික සහ සමාජීය සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ සාකච්ඡා පවත්වනු ඇතැයි කුවේට් නිල ප්‍රවෘත්ති ඒජන්සිය කියා සිටී
තුර්කිය සහ කුවේටය අතර පළමුවරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹිය 1970 වසරේදී වන අතර ඉරාකයේ හිටපු ජනාධිපතිවරයෙකු වන සදාම් හුසේන් විසින් 1991දී කුවේටය ආක්‍රමණය කළ විට තුර්කියා දැඩි ඉරාක විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම දෙරට අතර සම්බන්ධතා ඉහළ නැංවීමට හේතුවිය.

කුවේටය සමඟදැඩි සම්බන්ධතා පවත්වන තුර්කියේ වත්මන් ජනපති 2005 ,2011 සහ 2015 වන වසර වල එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී තෙවරක්ම කුවේටයේ නිල සංචාරයන්හි නිරතව ඇත.

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS