කුවේටයේ 305,367 කට වරෙන්තු



කුවේටයේ ජීවත් වන පුද්ගලයන් ලක්ෂ තුනකට(03) වැඩි පිරිසකට වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

2014 ජනවාරි 01 දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල පුද්ගලයින් 305,367කට වරෙන්තු නිකුත් කර ඇති බව කුවේට් අධිකරණ අමාත්‍ය, ෆහඩ් අල්-අෆ්සි ප්‍රකාශ කළේ ය. 

කුවේට් ජාතිකයන් 143,375 සහ විදේශිකයන් 161,992කටවරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. 

කුවේට් ජාතිකයන් 100,000 වැඩි පිරිසකට විදේශ සංචාර තහනම් කරමින් අධිකරණය නියෝග කර ඇත.

අධිකරණය මඟින් නියෝග කර ඇතිදඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව විශාල සංඛ්‍යාවක් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

දඩ මුදල්වලින් අයකර ගෙන ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.188ක් (ඩිනාර් මිලියන 361.6) වේ.

කුවේටයේ සමස්ථ ජනගහනය මිලියන 1.4ක් වන අතර ජනගහනයෙන් 7%කට විරුද්ධව වරෙන්තු නිකුත් කර ඇති බව පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයෙක් කළ ප්‍රශ්න කිරීම්වලට සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු ලබා දී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS