කුවේටයේ 18,277ක් සුව වෙයි



කුවේටයේ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් 18,277 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගියදා ආසාදිතයන් 1,054 දෙනෙක් සුවය ලැබීමෙන් පසු සුවය ලැබූ සමස්ථපුද්ගලයන් සංඛ්‍යාව 18,277 දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1,054 දෙනා සුවය ලබා ඇති බවටරසායනාගාර පරීක්ෂණ මගින් සනාථ වී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

සුවය ලැබූ සියළුම දෙනා රෝහලෙන් පිට වී යෑමට පෙර පුනරුත්ථාපන වාට්ටුවලට තැබීමට කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS