කුවේටයේ 12,889ක් සුව වෙලා



කුවේටයේ කොරෝනා ආසාදිතයන් 12,889 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගියදා කොරෝනා ආසාදිතයන් 1,230 දෙනෙක් සුව වීමත් සමගම සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 12,899 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය බාසල් අල්-සබා ප්‍රකාශ කළේ ය.

කුවේටයේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27,762 දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබූ පුද්ගලයන්ව නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා වාට්ටුවලට මාරු කර යවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේවනවිට කොරෝනා ආසාදිතයන් 220 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS