කුවේටයෙන් පලස්තීනයට කොළ එළියක් - 400 කට රැකියා අවස්ථා !



පලස්තීනයෙන් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම තහනම් කරමින් කුවේටය වසර දහයකට පෙර පනවා තිබූ තහනම ඉවත් කිරීමට එරට රජය තීන්දු කර ඇත.

ඒ අනුව පලස්තීන ගුරුවරැන් සදහා රැකියා වීසා බලපත් නිකුත් කිරීමටත් ,ඔවුන්ට බාධාවකින් තොරව කුවේටයේ එම රැකියාවේ නිරත වීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියා සීටි.අනෙකුත් අරාබි රටවල් නියෝජනය කරන පිරිස් වෙත රැකියා වීසා බලපත් නිකුත් කරන ආකාරයෙන්ම පලස්තීන ජාතිකයින්ට වීසා ලබා දීමටද කුවේට් රජය පියවර ගෙන ඇත.

මේ තීරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙියන් මොහොමඩ් අල් කාලීඩ් අල් හමාද් අල් සබාහ් කියා සිටියේ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍රය පිළිගැනීමට තම රජය තීන්දු කළ බවය.එසේම පලස්තීන ගුරුවරුන් 400කට අධික පිරිසක් කුවේටයේ ගුරු වෘත්තීයේ නිරත වීමට ඉල්ලුම් කර ඇති අතර ඒ සඳහා වන අවසරය කුවේට්යේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත බාර දුන් බවද එරට අභ්‍යන්තර කටයුතු බාර අමාත්‍යවරයා කියා සිටී.  

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS