කුවේටයෙන් 40,000 පිටුවහල් කරලා



කුවේටයෙන් විදේශ ශ්‍රමිකයන් හතළිස් දහසක් 2019 වර්ෂය තුලදිපිටුවහල් කර ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේදි තිස්හතරදහසක් (34,000) පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇත.

පිටුවහල් කළ පිරිසට පිරිමින් විසිහත්දහසක් (27,000) සහ කාන්තාවන් දහතුන්දහසක් (13,000) ඇතුලත් වේ.

පිටුවහල් කළ ලැයිස්තුවේ ඉන්දියානුවන් ඉදිරියෙන් සිටින අතර බංගලිදේශ හා ඊජිප්තු ජාතිකයන් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවලට පත්වී ඇත.

අපරාධ නඩු,වැරදි ක්‍රියා,නේවාසික නීතිරීති උල්ලංඝනය කිරීම සහ වෙනත් අක්‍රමිකතා හේතුවෙන් විදේශ ශ්‍රමිකයන් පිටුවහල් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS