කුවේටයට ශ්‍රමිකයන් යැවීම අත්හිටුවයි



කුවේට් රාජ්‍යයට ශ්‍රමිකයන් යැවීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට පිලිපීන රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
 
ගෘහ සේවිකාවන්, දක්ෂ හා නුපුහුණු ශ්‍රමිකයන් ඇතුළුව කුලී කම්කරුවන් අලුතින් කුවේටයට යැවීම නතර කිරීමට
කටයුතු කරන බවට පිලිපීන රජය නිවේදනය කර ඇත.
 
කුවේටයේ සේවය කළ පිලිපීන ගෘහසේවිකාවක් වන, ජීන්ලීන් විලවෙන්ඩේගේ දේහය පිළිබඳව මැනිලා නුවරදි සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රථිපල මත අදාල තීරණය ගෙන ඇත
 
කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟීන් නිකුත් කරන ලද මරණ පරීක්ෂණ වාර්තා සහ පිලිපීනයේ මරණ පරීක්ෂණ වාර්තා එකිනෙකට නොගැලපෙන බව පිලිපීන කම්කරු හා රැකියා දෙපාර්තුමේන්තුව සහ පිලිපීන විදේශ රැකියා පරිපාලනය අධිකාරිය පෙන්වා දෙන බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
 
කුවේටයේදි විලවෙන්ඩේට දරුණු වධහිංසාවලට පමණක් නොව, ලිංගික අතවරයන්ටද ලක්වී ඇති බවත්, විලවෙන්ඩේගේ සිරුර මැනිලා නුවරට යැවීමට පෙර මොළය සහ හදවත ඉවත් කර තිබු බවට පිලිපීන බලධාරිහු පෙන්වා දෙති.
 
කුවේටයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බවට,පිලිපීන තහනමට ප්‍රතිචාර දක්වමින් කුවේට් මුදල් අමාත්‍ය සහ වැඩබලන ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, මාරියම් අල්-අකීල් පැවසුවාය.
 
රටවල් එකකින් හෝ දෙකකින්සේවකයන් බඳවා ගන්නවා වෙනුවට නේපාලය, ඉතියෝපියාව, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින් සේවකයන්බඳවා ගත යුතු බව ඇය පෙන්වා දී ඇත.
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS