කුවේටයට ශ්‍රමිකයන් යවන්නේ නෑ



කුවේට් රාජ්‍යයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව නවතා දැමීමට පිලිපීන ජනාපති රොඞ්රිගෝ ගුටරේට්ස් ප්‍රමුඛ රජය තීරණය කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ පසුගිය කාලය පුරාවට පිලිපීන ගෘහ සේවිකාවන් සිවු දෙනකුගේ දිවි නසා ගැනීමේ සිදුවීම යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම පිරිස දිවි නසා ගත් බව පැවැසෙන්නේ ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් එල්ල වුණු අඩන්තේට්ටම් නිසා යැයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

කුවේට් යන තම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කුවේට් බලධාරීන් කටයුතු කළ යුතු බවත්, තම වැසියන් ආරක්ෂා කිරීම තම වගකීම බවත් ජනපතිවරයා මාධ්‍ය හමුවකදී පවසා ඇත.

ගෘහ සේවිකාවන් සිවු දෙනාගේ මරණ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණය් පැවැත්වීමට තමන් කළ ඉල්ලීම කුවේට් පොලිසිය පිළිගෙන ඇති බවත් ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS