කුවේටයට බ්‍රිතාන්‍ය සහය



ගල්ෆ් අර්බුදය විසදීම සඳහා කුවේට රාජ්‍යය දරණ උත්සහයට බ්‍රිතාන්‍යයේ සහය හිමිවන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්, බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේය.

කැබිනට් කටයුතු පිළිබඳ අමාත්‍ය සහ තොරතුරු අමාත්‍ය, ෂෙයික් මොහාමඩ් අබ්දෙල්ලාහ් අල්-මුබාරක් අල්-සබා කුවේට් රාජයයට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ලේකම්, බොරිස් ජොන්සන් පිළිගැනීමෙන් අනතුරුව පැවති සුහද හමුවේදි විදේශ ලේකම්වරයාඑසේ ප්‍රකාශ කර ඇත. 

සියළුම පාර්ශ්වයන් එක්වී සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සියළුම පාර්ශ්වයන් ගෙන් ඉල්ලීමක් කළේය.

කුවේට් අමීර්, ෂයික් සබා අල්-අහමඩ් අල්-ජෙබාර් අල්-සබාගේ නායකත්වයෙන් ගල්ෆ් කලාපයේ අර්බුදය විසදාගැනීමට දරණ උත්සහයට බ්‍රිතාන්‍ය රජයේ පූර්ණ සහය හිමිවන බව විදේශ ලේකම්වරයා නැවතත් අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS