කුවේටයට ඇතුළු වෙද්දී දැඩි සෝදිසියක්



රාමදාන් උත්සවයට පෙර කුවේට් රාජ්‍ය තුල ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ගල්ෆ් කලාපීය බුද්ධි අංශ විසින් ලබාදුන් තෙරතුරු වලට අනුව කුවේට් ආරක්ෂක අංශ විසින් දේශසීමා පිවිසුම් ස්ථානයන් වල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගත්තේය.

අයි.එස් ත්‍රස්තවාදී සාමාජිකයින් යැයි සැක පිට පිලිපීනයේදී අත්අඩංගුවට පත් හුසේන් අල්-ධපිරි සහ ඔහුගේ මාස පහක ලැබිණියක් වු සිරියානු බිරිඳ අත්අඩංගුවට ගැනීමට පෙර කුවේට් ආරක්ෂක අංශ  හුසේන් අල්-ධපිරි සමඟ සම්බන්ධකම් පැවත්වු කුවේට් ජාතිකයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

පිලිපීනයේ සිට පැමිණි ධපිරිගේ සහෝදරයකු කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේදී ආරක්ෂක අංශ  විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

බුද්ධි අංශ විසින් ලබාදුන් තෙරතුරු සහ රටතුල ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශ ආරක්ෂාව වැඩි කිරීමට පියවරයන් ගත්තේය.

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරනු ලබන අයි.එස් ත්‍රස්තයින්ගේ ඡායාරූප ආරක්ෂක අංශ බෙදාහරින ලදී.

තහනම් භාණ්ඩ රැගෙන යෑම වැලික්වීම සදහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කුවේට් රේගුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද අවශ්‍ය කරන පියවරයන් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් ඇති බව වාර්තා වේ.

ජනක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS