කුවේටයට ආරක්ෂක මණ්ඩලයේ අසුනක්



වසර දෙකක කාලක් සඳහා ආරක්ෂක මණ්ඩලයේ අසුනක් දිනාගැනීමට කුවේට් රාජ්‍ය සමත්වී ඇති අතර අයිවරිකෝස්ට්, පේරු හා පෝලන්තය යන රාජ්‍යයන්ද ආසන දිනා ගැනීමට සමත්වී ඇත.

සාමාජිකයින් තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවත් වූ අතර එහිදීපෝලන්තයඡන්ද 190, අයිවරිකෝස්ට්ඡන්ද 189,කුවේට්ඡන්ද 188,පේරුඡන්ද186, සමකගිනියාවඡන්ද 185 සහනෙදර්ලන්තයඡන්ද 184  ලබා ගෙන ඇත.

ජයග්‍රහණය තුලින් ගල්ෆ් කලාපයේ සාමය වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි පියවරක් වන අතර කලාපයේ ස්ථාවරත්වය ඇති කිරිම, ගල්ෆ් කලාපයේ සහ ඉස්ලාමීය ප්‍රශ්න වෙනුවෙන් දායකත්වය දැක්විය හැකි බව කුවේට් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS