කුවේටය සහ ගල්ෆ් රටවල් අතර සාකච්ඡා



කුවේටයේ හැදිමත් වීමෙන් ඉරානය සහ පර්සියානු ගල්ෆ් කලාපීය රටවල් අතර පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව බහරේන රජය කියයි.

බහරේන රජය වෙනුවෙන් මේ බව කියා සිටියේ එරට විදේශ ඇමැති ශීක් කලීඩා බින් අහ්මද් බින් මොහොමද් අල් කලීෆාය. ඔහු මේ වනවිට කුවේටයේ සංචාරයක නියැලී සිටී.

ඉරානය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට මෙසේ සාකච්ඡා පැවැත්වෙන්නේ ‘පර්සියානු ගල්ෆ් සහයෝගීතා සමුළුව’ ට සමගාමීව යැයි ද පැවැසෙයි.

පවතින මත ගැටුම් සහ එදිරිවාදිකම් පසෙකලා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡා හරහා ඉරානය සහ සෙසු ගල්ෆ් කලාපීය රටවලට හැකියාව ලැබෙනු ඇතැයි තම අපේක්ෂාව බව බහරේන විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS