කුවේටය වානිජ ගුවන් ගමන් අරඹයි



කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපල වාණිජ ගුවන් ගමන් සඳහා අගෝස්තු 01 වනදා සිට විවෘත කරන බව වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ සිට වාණිජ ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කළ බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

30% ක ධාරිතාවයකින්අදියර තුනකින් ගුවන්තොටුපොල කටයුතු නැවත ආරම්භ කිරීමට කුවේට් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS