කුවේටය දැඩි සෝදිසියෙන්



සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කුවේට් රාජ්‍යය දැඩි සෝදිසියකින් පසුවන බව වාර්තා වේ.

ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවලට උපරිම ආරක්ෂාවක් සැපයීමට කුවේට් ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

හදිසි අවස්ථාවකට මුහුණදීමේ අරමුණින් ගුවන් හා නාවික අභ්‍යාස පැවැත් වු බව කුවේට් ත්‍රිවිධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ වැඩි අවධානමක් පවතින නිසා හැකි උපරීම ආරක්ෂාව ලබාදීමට කුවේට් රජය කටයුතු කරන බව අල්-අන්බා පුවත්පත වාර්තා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS