කුවේටය 13,000 පිටුවහල් කරයි



කුවේට් රාජ්‍යය විදේශ ශ්‍රමිකයන් 13,000ක් පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

විවිධ වැරදි හේතුවෙන් අදාල පිරිස 2020 වර්ෂයේ මුල් මාස 10 තුළ පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

පිටුවහල් කළ පිරිසෙන් 90%ක් සාපරාධී ක්‍රියාවලට වැරදිකරුවන් වු පුද්ගලයන් වන අතර, ඉතිරි පිරිස පරිපාලන නියෝග මත පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා 2018 දි ශ්‍රමිකයන් 34,000ක්ද, 2019දි 40,000ක්  පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS