කුවේටය - සෞදිය එකට වැඩ කරයි



කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය බොර තෙල් නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

කුවේට්-සෞදි දේශසීමාවේ පිහිටි නගරයක් වන අල්-කෆ්ජි හි තෙල් කැණීමේ කටයුතු දෙරටම එක්ව ආරම්භ කිරීමට බලාපොරෙත්තු වේ.

බොරතෙල් නිෂ්පාදන කටයුතු පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ආරම්භ කර වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන අතර අගෝස්තු මාසය අවසන් වනවිට දිනකට බොර තෙල් බැරල් 60,000ක් නිකුත් කිරීමට දෙරටම අපේක්ෂා කරයි.

අල්-කෆ්ජි ප්‍රදේශයේ තෙල් කැණීම සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය අතර වසර පහක් පුරා පැවති ආරවුල විසදාගනිමින් අදාල ප්‍රදේශය නිදහස් ප්‍රදේශයක් ලෙස නම් කරදෙරටම සහයෝගයෙන් තෙල් නිෂ්පාදනය කිරීම සඳහා එකඟ වී ඇත.

දිනකට බොරතෙල් බැරල් 10,000ක් නිකුත් කිරීමේ හැකියාව අත්හදා බැලීම සඳහා පෙබරවාරි 25වනදා නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS