කුවේට නිවසේ මරිජුවානා පැළ



සිය නිවසේ මරිජුවාන පැළ තවානක් පවත්වාගෙන ගිය කුවේටයේ පදිංචිව සිටි ජොර්දාන ජාතිකයෙකු කුවේට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුවේටයේ හවාලි ප්‍රෙද්ශයේ පදිංචිව සිටි මෙම ජෝර්දාන ජාතිකයා සම්බන්ධයෙන් කුවේට පොලීසියට ලැබුණු ඔත්තුවක් මත එම නිවස වටලා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔහු විසින් වලා කරනු ලැබූ මරිජුවානා පැළ  එරට මත්ද්‍රව්‍ය නාශක අංශය බාරයට ගෙන ඇත.කුවේට පොලිසිය විසින් සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම් වලදී මෙම මරිජුවා පැළ සහ බීජ ඔහුට ලැබුනේ කෙසේදැයි විමසා ඇති අතර ඒවා තමන්ට විදේශයන් හිදී ලැබුණු ඒවා බව ඔහු සඳහන් කරනු ලැබීය.

මොහුට අදාළ පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ.

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS