කුලුනට අකුණු



සෞදි අරාබියේ මක්කම නගරයේ පිහිටා ඇති මක්කම රාජකීය ඔරලෝසු කුලුනට අකුණක් වැදුණු ආකාරය ඡායාරූප ශිල්පියෙක් සිය කැමරා කාචයේ සටහන් කරගැනීමට සමත් වී ඇත.

අකුණ වැදුණු ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරුවන බව වාර්තා වේ. 

මක්කම නගරයේ පිහිටා ඇති ඔරලෝසු කුලුන ලෝකයේ විශාලතම සහ උසම ඔරලෝසු කුලුනවන අතර ලන්ඩන් නුවර පිහිටා ඇති බිග් බෙන් ඔරලෝසු කුලුනමෙන් තිස්පස් (35) ගුණයකින් විශාල සහ මීටර් 610ක උසකින් යුක්ත වේ.

ආලෝකය විහිදුවන ඩයෝඩ (LEDs) මිලියන දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් රාත්‍රී කාලයේ ආලෝකය ලබාගැනීම සඳහා භාවිතා කර ඇති අතර කිලෝමීටර් අටක (08) දුර ප්‍රමාණයකට ඔරලෝසු කුලුන දර්ශනය වේ.

කැරට් 24 පත්ඉරු අඩංගු ටයිල් මිලියන 98ක් ඔරලෝසු කුලුන නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS