කුරිරුකම්වලට එරෙහිව නැගී සිටිනවා



ඇමෙරිකාව සිය අභිමතය පරිදි, නීතිවිරෝධී ආකාරයට, ඉරානයට එරෙහිව සම්බාධක පැනැවීම හෙලා දකිමින්, ඉරාන ජනාධිපති හසන් රොව්හානී කියා සිටියේ ඇමෙරිකාවේ කුරිරුකම්වලට එරෙහිව නැගී සිටින බවය.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

‘ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රව්ප් පරිපාලනය දිගින් දිගටම ඉරානයෙන් පළිගන්න උත්සාහ කරනවා. ඒත් ඇමෙරිකාවට හිස නමන්න ඉරානය කිසිම අවස්ථාවක සූදානම් වෙන්නේ නැහැ’ යැයි ඉරාන ජනාධිපති රොව්හානී අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා තිබූ සම්බාධක යළි පැනවීමට ඇමෙරිකාව පියවරගෙන තිබේ. ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු නිත්‍ය සාමාජික රටවල විරෝධය මැදය.

නිව්යෝක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS