කුර්දිස්තානයේදී තුර්කි නිලධාරියෙක් මරුට



ඉරාක කුර්දිස්තානයේ ඉර්බිල් අගනුවර අවන්හලක ආහාර ගනිමින් සිටි තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයකු ඇතුළු තවත් දෙදෙනෙක් සන්නද්ධ පිරිසක් කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වූහ.

මියගොස් ඇත්තේ කුර්දිස්තානයේ තුර්කි කොන්සල් කාර්යාලයේ නියෝජ්‍ය කොන්සල් නිලධාරියාය. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. 

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල ඇත්තේ කුර්දිස්තාන කම්කරු පක්ෂයේ බෙදුම්වාදීන් යැයි සැකයක් පවතී. ඉරාකය කේන්ද්‍රකොට ගත් මෙම සංවිධානය, දශක ගණනක් තිස්සේ ඉරාක රජයට එරෙහිව සටන් වදී.

(අල් ජසීරා)


RECOMMEND POSTS