කුර්දිස්තානයෙන් තෙල් ගන්න එපා



ඉරාක රජයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින්, කුර්දිස්තානයේ වැසියන් කළ ජනමත විමසුමට විරෝධය පළ කිරීමක් ලෙස කුර්දිස්තානයෙන් තෙල් මිලදී ගැනීම වර්ජනය කරන්නැයි ඉරාක රජය සෙසු රටවලින් ඉල්ලීමක් කර ඇත.

කුර්දි වැසියන් බහුලව වෙසෙන කුර්දිස්තානය ඉරාකය තුළ පිහිටා ඇත. කුර්දිස්තාන පළාතට වෙනම ජනාධිපතිවරයකු සිටින නමුත් එය වෙනම රටක් ලෙස පිළිගැනෙන්නේ නැත.

කුර්දි වැසියන් ඉරාක රජයේ දැඩි විරෝධය මැද අද දිනයේ ජනමත විමසුමක් පවත්වයි. ඒ, ඉරාකයේ කොටසක් වී සිටිනවා ද නැතිනම් වෙනම රටක් ලෙස වෙන් වෙනවා ද යන්න තීරණය කිරීම සම්බන්ධයෙනි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS