කුර්දි සටන්කාමීන්ට ප්‍රහාර



සිරියාවේ සටන් බිමේ, ඇමෙරිකාවේ සහාය හිමිවන කුර්දි සටන්කාමීන්ට තුර්කි හමුදාව වෙඩි තබා ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

කුර්දි ජනතා ආරක්ෂකයෝ යන නමින් තමන් හඳුන්වා ගන්නා කුර්දි සටන්කාමීන් තම හමුදා සෙබළුන්ට වෙඩි තැබූ හෙයින්, ඔවුන් පෙරළා පහරදුන් බව තුර්කිය කියයි.

සිරියානු අර්බුදයේ දී තුර්කිය සහාය දක්වන්නේ සිරියානු රජයට නොව, එරට විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන්ටය. කුර්දි සටන්කාමීන් පමණක් නොව, අයි.එස්. ත්‍රස්තවාදීහු ද තුර්කියේ සතුරෝ වෙති.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS