කුර්දි සටන්කාමීන්ට පහර දෙන්න සූදානම්



සිරියාවේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීමට තුර්කිය සූදානමින් සිටින බව තුර්කි රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති මෙල්වුත් කවුසොග්ලූ කියයි.

කුර්දි සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය සලකයි. කෙසේ නමුත් සිරියානු අර්බුදයේ දී අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී ඇමෙරිකාවේ විශ්වාසවන්ත සගයා කුර්දි සටන්කාමීන්ය.

අයි.එස්. ත්‍රස්තවාදීන් ඇමෙරිකාවේත්, කුර්දි සටන්කාමීන්ගේත් තුර්කියේත් පොදු සතුරා වෙයි. අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනයට ලක් වී ඇති හෙයින් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ඇමෙරිකා හමුදා සිරියාවෙන් ඉවත් වුවහොත්, තුර්කියේ පමණක් නොව, සිරියානු රජයේ ද ඉලක්කය බවට කුර්දි සටන්කාමීන් ලක් වනු ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS