කුර්දි සටන්කාමීන්ගේ නායකයා ඉල්ලයි



කුර්දි සටන්කාමීන්ට නායකත්වය දෙන අණදෙන නිලධාරී මස්ලූම් අබ්දි තුර්කියට පිටුවහල් කරන්නැයි, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.

කුර්දි සටන්කාමීන් ඇතුළු කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් කළ පහරදීම් නවතා සටන් විරාමයකට යෑමට තුර්කි ජනපති එකඟත්වය පළ කළේ මීට දින කීපයකට පෙරය.

දැන් තුර්කි ජනාධිපති මස්ලූම් අබ්දි ඉල්ලා සිටින්නේ ට්‍රම්ප් සමඟ ඇති කරගත් එම එකඟත්වයට අදාල කොන්දේසියකට අනුව යැයි අල් ජසීරා පුවත් නාළිකාව පෙන්වා දෙයි.

මස්ලූම් අබ්දි සිරියාවේ කුර්දි සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ නායකයාය. සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සටනේදී, ඇමෙරිකාවේ සහාය හිමිවුණේ මෙම සන්නද්ධ කණ්ඩායමටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS