කුර්දි බෙදුම්වාදීන්ට තුර්කියෙන් ප්‍රහාර



උතුරු ඉරාකයේ, කුර්දිස්තාන පළාතේ, කුර්දි බෙදුම්වාදීන් ඉලක්ක කර ගනිමින්, තුර්කිය බෝම්බ ප්‍රහාර එල්ල කළේය.

තුර්කිය කුර්දිස්තානයේ බෙදුම්වාදීන් ඉලක්ක කර ගනිමින් මෙසේ බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඉකුත් 17 වැනිදා, කුර්දිස්තානයේ ඉර්බිල් නුවර අවන්හලකදී, තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිවය.

කුර්දිස්තානය යනු ඉරාකයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි. සන්නද්ධ පිරිසක් අවන්හලට කඩා වැදී වෙඩි තබා ඝාතනය කළේ කුර්දිස්තානයේ තුර්කි නියෝජ්‍ය කොන්සල් නිලධාරියාය.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS