කුර්දි ධජයට විරෝධයක්



ඉරාකයේ කර්කුක් නගරයේ රාජ්‍ය ගොඩනැගිලිවල ඉරාක ධජයට අමතරව කුර්දිස්ථාන ධජය ද ඔසවා තැබීමට ඉදිරිපත් වූ යෝජනාවට ඉරාක පාර්ලිමේන්තුවෙන් විරෝධයක් එල්ල විය.

ඉරාක පාර්ලිමේන්තුව සාමාජිකයන් 328 දෙනකුගෙන් සමන්විත අතර, කුර්දිස්ථාන ධජය එසවීම සම්බන්ධයෙන් සිදු කළ ඡන්ද විමසුමේදී 186 දෙනෙක් ඊට විරෝධය පළ කළහ.

කර්කුක් අයත් වන්නේ ඉරාකයේ කර්කුක් නමැති පළාතටය. එම පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හසාන් තුර්නා මාධ්‍ය හමුවේ කියා සිටියේ ඡන්දය විමසීමට සැරැසෙන්නේ කුර්දි නියෝජිතයන් වැඩි දෙනකු සභා ගැබෙන් පිටවී ගිය බවය.

කුර්දිස්ථානය යනු කුර්දිවරුන් බහුගව වෙසෙන ඉරාකයට අයත් වෙනම ප්‍රාන්තයකි. කර්කුක් නුවර කුර්දිවරුන් පමණක් නොව, අරාබි, ඇසිරියානු ආදී ජනකොටස් රැසක් ජීවත් වෙති. ඊට අමතරව අයි.එස්. ත්‍රස්තවාදීන්ට සහ ෂියා මුස්ලිම් සටන්කාමීන්ට බියෙන් පලා ආ පිරිස් ද මෙම නගරයෙහි ජීවත් වෙති.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS