කුර්දි ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු එපා



ඇෆ්රින් පළාතේ කුර්දි ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්නැයි තුර්කි රජය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට දන්වා ඇත.

සිරියාවේ ඇෆ්රින් පළාත කේන්ද්‍රකොට ගනිමින් මේ වනවිට තුර්කි හමුදාව කුර්දි ත්‍රස්තවාදීන් සමඟ සටන් වදී. ඒ, සිරියානු රජයට සහාය පළ කිරීමක් ලෙසය. සිරියාවට අයත් පළාතක් වුවත් ඇෆ්රින් පළාතේ පාලනය ඇත්තේ කුර්දි ත්‍රස්තවාදීන් සතුවය.

ඇෆ්රින් පළාතට පැමිණ සිටින කුර්දි හමුදා එල්ල කරන ප්‍රහාරවලින් තමන් ආරක්ෂා කර දෙන්නැයි කුර්දි ත්‍රස්තයෝ සිරියානු රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ඇතැම් බටහිර පුවත් සේවා වාර්තා කර තිබේ.

කෙසේ නමුත් තමන් එවැනි සහාය ඉල්ලීමක් සිරියානු රජයෙන් නොකළ බව කුර්දි ත්‍රස්තවාදීන් තහවුරු කර ඇති බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS