කුමාරයා තමයි



ඇමෙරිකන් පුරවැසියකු ද වන සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය පසුපස සිටින්නේ වෙන කවුරුවත් නොව, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය කියයි.

කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සියලුම තොරතුරු  සහ ලබා ගත් සාක්ෂි මේ වනවිට තුර්කි බලධාරීන් විසින් සී.අයි.ඒ. ආයතනයට සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ලබා දී ඇත.

සී.අයි.ඒ. ප්‍රධානියා ජීනා හැස්පල් ද පසුගිය දා තුර්කියට ගොස් තුර්කි පරීක්ෂකයන් හමුවී ඝාතනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය.

එම අවස්ථාවේදී ඇය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඝාතනය සිදුවුණේ කෙසේ ද කවුරුන්ගේ උපදෙස් මත ද සහ කශොග්ජීගේ සිරුර අතුරුදන් කළ ආකාරය සම්බන්ධයෙන් ද සියලු විස්තර තමන්ට ලැබුණු බවය.

ජමාල් කශොග්ජී ඝාතනය සිදුවූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. ඒ පසුගිය ඔක්තෝබර් දෙවැනිදාය. සල්මාන කුමරුන්ගේ අනුදැනුම පරිදි, ඝාතනය සිදුවුනු බවට එල්ල වන චෝදනා සෞදි කුමරු තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS