කුමරු ඊජිප්තුවට



අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් නිල සංචාරයක් සඳහා කයිරෝ නුවර බලා පිටත්ව ගිය බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කයිරේ අන්තර්ජාතික ගුවන්තොටුපොලට ලගාවීමෙන් පසු එරට ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සීසී ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගත් බව වාර්තා වේ.

කුමරු සමඟ ඉහළ පෙළේ නිලධාරීන් කීපදෙනෙක් සහභාගී වී ඇති අතර ක්ෂේත්‍ර ගණනාවකට අදාලව ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.එන්. ඔන්ලයින්


RECOMMEND POSTS