කුඩා දරුවෝ 3,053 කට කොරෝනා



ඕමානයේ කුඩා දරුවන් 3,053 දෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දරුවන් වයස අවුරුදු හතරට (04) අඩු බව ඕමානයේ පුවත්පතක් වන අල්-ෂබිබා පුවත්පත වාර්තා කරනවා.

ඕමානයේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 83,763 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් 609 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මියගිය පිරිසෙන් 406 ක් ඕමාන් ජාතිකයන් වන අතර, 203 විදේශිකයන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS