කුඩා දරුවෙක් මියගිහින්



කටාරයේ දෝහා අගනුවර සිට ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර දක්වා පියාසර කරමින් තිබු කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක මාස 11ක කුඩා දරුවෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ගුවන්යානය පියාසර කරමින් තිබෙන අතරතුර දරුවාට හුස්මගැනීමේ අපහසුතාවයක් ඇති වී ඇති අතර ගුවන්යානය ගොඩබැස්ස වීමෙන් පසු ඇපලෝ රෝහලට ඇතුලත් කර ඇත.

දරුවා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවහයිද්‍රබාද් අන්තර්ජාතික ගුවන්තොටුපොළේ මාධ්‍යය ප්‍රකාශකවරිය ප්‍රකාශ කළාය.

දරුවා මියයෑම සම්බන්ධයෙන් කටාර් ගුවන් සමාගම සහ ඇපලෝ රෝහල පවත්වන පරීක්ෂණවල වාර්තා ලැබෙන තුරු බලා සිටින බව මාධ්‍යය ප්‍රකාශකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS