කුකුළු මස් තහනමක්



සෞදි අරාබියට මැලේසියාවෙන් කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම එරට බලධාරින් විසින් තහනම් කරනු ලැබ ඇත.

ඒ සමඟම කුකුළු මස් ආශ්‍රිත අතුරු නිෂ්පාදනද ආනයනය තහනම් කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.

සෞදි අරාබියේ සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම තීරණය ගනු ලැබ ඇත්තේ මැලේසියාවේ සභා සහ සරවක් යන ප්‍රාන්තවල කුකුළු ගොවිපළවලින් එච්5 එන්1 නමැති කුරුලු උණ රෝගය පැතිරී තිබෙන කුකුළන් සොයා ගැනීමත් රෝගය ගොවිපළතුළ පැතිරී ඇති බවට තහවුරු වීමත් හේතුවෙනි.

එබැවින් මේ වනවිටත් මැලේසියාවෙන් ආනයනය කර තිබූ කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ද වෙළඳපොළින් ඉවත් කිරීමට කටයුතුකර තිබෙන අතර සෞදියේ සැමට මෙම ආහාරවලින් වැළකෙන්නැයි ද නිවේදනය කර ඇත.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS