කුකුළන් ආනයනය තහනම් කරයි



කුවේටය සෞදි අරාබියෙන් කුකුළන් සහ කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ කුරුළු උණ (H5N1) පැතිරීම හේතුවෙන් අදාල තහනම පැනවීමට කුවේට් කෘෂිකර්ම හා මත්ස්‍ය සම්පත් පිළිබඳ මහජන අධිකාරිය කටයුතු කර ඇත.

බිත්තර සහ දිනක් වයසැති කුකුළු පැටවුන්ටද තහනම අදාල වන බව මහජන අධිකාරිය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS