කිලෝ 2.8ක් අරන් ගිහින්



මස්කට් නුවර සිට ඉන්දියාව බලා පිටත්ව ගිය ගුවන් මඟියෙක් සතුව තිබි රත්‍රං කිලෝග්‍රෑම් 2.813ක් සොයාගැනීමට ඉන්ද්‍රා ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොල ආරක්ෂක අංශය සමත් වී ඇති බව වාර්තා වේ.

රත්‍රංවල මුළු වටිනාකම ඕමාන් රියාල් 45,000ක් වන බවත් රැගෙන ආ පුද්ගලයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සදහා අදාල අංශ වෙත භාරදුන් බව ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය.

ඕමාන් රියාල් 54,000ක් වටිනා රත්‍රං බිස්කට් කීපයක් ගුවන්තොටුපොල හරහා රැගෙනයෑමට උත්සහ කළ පුද්ගලයෙක් ජුලි මාසයේ අත්අංඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS