කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් බර්රායිමි හි ආරම්භ කිරීමට නියමිතයි



ඕමානය පදනම් කරගත් මසූන් කිරි සමාගම රටේ ජාතික ආහාර සුරක්ෂිතතාව වැඩසටහන යටතේ ඕමාන් රියාල් මිලියන118ක ($ 306.4 ක) කිරි නිෂ්පාදන ව්යාපෘතියක් අල් සනයිනාහ් බර්රායිමි හිදි දී ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවක් කියා සිටියේය. 

ඕමාන් රියාල් මිලියන 1.3  ($ 3.37 ක්) වන මෙම ව්යාපෘතියේ පළමු අදියර සඳහා වන ගිවිසුම මසූන් කිරි සමාගමේ සභාපති හා ප්රධාන විධායක නිලධාරී රෂීඩ් බින් සලීම් අල් මස්රූරි සහ අබු හාතීම් සමූහ ප්රධාන විධායක නිලධාරී විසින් දෙසැම්බර් මස 25 දින අත්සන් කල බව ඕමාන් ට්රිබියුන් වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 10ක් ඇතුලතදී අවම වශයෙන් 87% ක කිරි නිෂ්පාදනයකින් රට ස්වයං පෝෂිත කිරීම තම ඉලක්ක බව අල් මස්රූරි කියා සිටියේය.

මෙම ව්යාපෘතිය ආරම්භ කිරීම සදහා අවශ්ය වන අත්‍යාවශ්‍ය පහසුකම් ඇතිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම්, කිරි ගබඩා කිරීම සදහා අවශ්‍ය බහාලුම් ඉදිකිරීම යනාදිය ප්රධාන අදියරයේ ගිවිසුමට අයත්වේ. 

එම ගිවිසුම 2017 පළමු කාර්තුව තුළ අත්සන් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

මෙම ව්යාපෘතියේ ඉදිකිරීම් 2018 ජුලි මාසයේ අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඉදිකිරීම් අවසන්වු වහාම කිරි නිෂ්පාදනය ආරම්භ කරන බව සදහන් වේ.

ඉදිරි වසර 10 ඇතුලතදී මෙම ව්යාපෘතියෙන් අපේක්ෂා කරන රැකියා ප්‍රමාණය 2,300ක් වන අතර මෙම රැකියාවලින් 70%ක් ඕමාන ජාතිකයින්ට ලබාදීමට නියමිතය.

2026දී කිරි ලීටර් මිලියන 202ක්ද, 2040දී කිරි ලීටර් මිලියන 985ක්ද නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර 2026දි ආනයනය කරනු ලබන කිරි ප්රමාණය 13% දක්වා අඩුකිරීමට අපේක්ෂා කරන බව අල්-මස්රූරි වැඩිදුරටත් කියා සිටියේය.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS