කැස්බෑවන්ට මුද්දර 5ක්



මුහුදු කැස්බෑවන්ගේ ඡායරූප ඇතුළත් කර නව මුද්දර පහක එළිදක්වීමට ඕමාන් තැපැල් දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

රටේ ජාතික හා ස්වාභාවික සම්පත් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මුද්දර නිකුත් කිරීමට කටයුතු කර ඇත.

මුද්දර නිකුත් කිරීම මඟීන් පරිසර සංරක්ෂණයට සහ පරිසර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායකත්වයක් ලබාදීමට හැකි වන බව ඕමාන් තැපැල් දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS