කැරුලිකරැවන්ට ගුයන් යානයක්



සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් වී එල්ල කරන ප්‍රහාරවලින් තුවාල ලැබූ යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරුලිකරැවන් 50 දෙනකු ප්‍රතිකාර සඳහා විශේෂ ගුවන් යානයකින් ඕමානයේ මස්කට් නුවර බලා රුගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මේ බව සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද සනාථ කොට ඇත. තුවාලකරැවන් පිරිස මස්කට් බලා යෑමට ගුවන් යානය ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යැයි ද පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යේමනය වෙනුවෙන් පත් කරනු ලැබ සිටින නියෝජිත  මාර්ටින් ග්‍රිෆිත් මැදිහත් වී යේමන අර්බුදය විසඳීමට උත්සාහ ගනී. සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණක් නොව ඇමෙරිකාවේ ද කැමැත්ත මීට හිමිවී ඇත.

ෂියා මුස්ලිම් හවුති කැරුලිකරැවන් විසින් පෙරළා දැමූ යේමනයේ සෞදි හිතවාදී රජය සහ යේමන කැරුලිකරැවන් ද සාමයට කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සාම කතා පැවැත්වීමට නියමිතය.

ඊට හොඳ හිත පෙන්වීමක් ලෙස තුවාල ලැබූ හවුති කැරුලිකරැවන්ට ප්‍රතිකාර සඳහා මස්කට් නගරයට යන්න අවසර දෙන්නැයි මාර්ටින් ග්‍රිෆිත් සෞදියෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ජෙට් යානයක් මගින් තුවාලකරැවන් මස්කට් නුවර බලා රුගෙන යෑම සිදුවුණු බව විදෙස් පුවත් ​සේවා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS