කැරැලිකරුවෝ වගකීම බාර ගනිති



සෞදියේ තෙල් සහ වායු ගබඩා පර්යන්ත දෙකට පහර දුන්නේ තමන් යැයි යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් පවසා ඇත. ඒ, යේමනයේ ‘අල් මරීෂා’ රූපවාහිනී නාළිකාව ඔස්සේය.

යේමනය සෞදියේ අසල්වැසියෙකි. යේමන සිවිල් යුද්ධයට සෞදිය සම්බන්ධ වී සිටී. හවුති කැරැලිකරුවන් පෙරළා දමා ඇත්තේ සෞදි හිතවාදී යේමන රජයයි.

සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද හවුල් කරගනිමින්, ඇමෙරිකාවේ, ඉරානයේ සහ එක්සත් රාජධානියේ අනුමැතිය ද ඇතිව යේමනයට පහර දෙයි. යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන්ට ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයේ සහාය හිමිවන බවට චෝදනා එල්ල වී තිබේ.

තෙල් ගබඩා පර්යන්ත දෙකට පහර දීමට හවුති කැරැලිකරුවන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 10 ක් යොදා ගෙන ඇත. එය ඉතා හොඳින් සැලැසුම් කළ ප්‍රහාරයක් බව සෞදි හමුදාව කියයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS