කැරැලිකරුවන්ගේ මිසයිල විනාශ කරයි



යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්ය යේ අබුඩාබි නගරය ආසන්නයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හමුදා නිලධාරීන් සිටින ගුවන් හමුදා කඳවුරක් දෙසට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල දෙකක් උඩු ගුවනේ දීම විනාශ කිරීමට ඇමෙරිකානු හමුදා  සමත්ව ඇත.

2000 කට අසන්න හමුදා නිලධාරීන් සහ කාර්ය මණඩලයක් මෙම කදවුරේ සේවය කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

1991 ගල්ෆ් යුද්ධයෙන් පසුව පළමු වරට අල් දෆ්රා ගුවන් හමුදා කඳවුරේදී  මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරමින් මෙම මිසයිල දෙක උඩුගුවනේදීම සාර්ථකව විනාශ කිරීමට හමුදාවන් සමත් වූ බව නිල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මිසයිල දෙක ගුවනේදීම විනාශ කිරීමට සමත් වූ නිසා කිසිම දේපල හෝ ජිවිත හානියක් සිදු නොවූ බව පැවැසෙයි.

සිද්ධිය දුටු පුද්ගලයන් පවසන්නේ අලුයම 4.15 ට  පමණ අබුඩාබි අහසේ ගිනිබෝල දෙකක් දිස් වූ බවය. මෙම මිසයිල දෙක විනාශ වූ ශබ්දයට නගරයේ සමහර පදිංචි කරුවන් නින්දෙන් අවදි වූ බවද සදහන් වෙයි.

විමුක්ති එස්. රුද්‍රිගු
අල් ජසීරා

RECOMMEND POSTS