කැමති නම් හමුදාවට බැඳෙන්න



කුවේට් හමුදාවේ සෙබළුන් ලෙස සේවය කිරීමට කැමැත්තක් දක්වන පුරවැසියන් නොවන පුද්ගලයින්ට අවස්ථාව හිමි වන අයුරින් කුවේට් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර තිබු අතර එම පනතට බහුතර බලයක් හිමි වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

පනතට ඡන්දය ප්‍රකාශ කිරීමේදි, කුවේට් පාර්ලිමේන්තුවේ සාමාජිකයින් පනස් අට දෙනාගෙන් පනස් දෙදෙනෙක් පක්ෂවත්, පස්දෙනෙක් විපක්ෂයත්, එක් සාමාජිකයෙක් ඡන්දය දීමෙන් වැලකී සිට ඇති බව වාර්තා වේ.

කුවේට් හමුදාවට බැඳීම සඳහා 25,000කට වැඩි පිරිසක් සතියක් ඇතුලත ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

“පනත සම්මත කිරීමට කු‍වේට් පාර්ලිමේන්තුවේ සහය වගේම අභ්‍යන්තර කටයුතු සහ ආරක්ෂක කමිටුවේ සහය ඉහළින්ම ලැබුණා, අපි සියලුම දෙනාටම එකට එක්වෙලා කුවේට් රාජ්‍යයට සේවය කිරීමට අවස්ථාවතමයි මේ ලැබිලා තියෙන්නේ’’ යනුවෙන් කුවේට් ආරක්ෂක අමාත්‍ය, ෂයික් නසීර් සබා අල්- අහමඩ් අල්- සබා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු  මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS