කැබිනට් සංශෝධනයක්



කුවේට් තොරතුරු අමාත්‍යසහ යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලෙස මොහොමඩ් නසීර් අල්-ජබ්‍රී කුවේට් අමීර්, ෂයීක් සභා අල්-අහමඩ් අල් ජබීර් අල්-සභා ඉදිරියේ දිවුරුම් දුන් බව කුවේට් මාධ්‍ය වාර්තා කළේය.

ඔටුන්න හිමි කුමරු, ෂයීක් නවාස් අල්-අහමඩ් අල්-ජබීර් අල්- සභා, කුවේට් අග්‍රාමාත්‍ය ෂයීක් ජබීර් අල්- මුබාරක් අල් හමාඩ් අල්-සභා සහ  ඉහළ පෙලේ නිලධාරීන් කීපදෙනෙක්ද දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට සහභාගි වී ඇත.

හිටපු වානිජ හා කර්මාන්ත සහ යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, කලීඩ් අල්-රවුදාන්ටවානිජ හා කර්මාන්ත අමාත්‍ය ධුරය පමණක් ලබා දී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS