කාලගුණයෙන් සෞදියට බලපෑම්



සෞදි අරාබියට කාලගුණයෙන් බලපෑම් එල්ල වන බවට සෞදි කාලගුණ විද්‍යා හා හා පරිසර ආරක්ෂණ අධිකාරියනිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දූවිලි කුණාටු තත්ත්වයන් සහ උෂ්ණත්වය පහත වැටීම් වරින් වර සිදු විය හැකි බවට අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත. 

ටබුක්, උතුරු දේශසීමා ප්‍රදේශය, නැගෙනහිර පළාතේමක්කම,මඩිනා, කොබා, නජ්රාන්,රෆ්හා,අල්-ජාව්ෆ්, රියාද්හාහේල් යන නගරවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වන බව වාර්තා වේ. 

දූවිලි කුණාටු, වර්ෂාව සහ හිම පතනය ඇති වීමට ඉඩකඩ පවතින නිසා මෝටර්රථධාවනයේදි වඩාත්සැලකිලිමත්වනලෙසත් කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙසඅධිකාරියරියදුරන්ගෙන්සහ ජනතාවගෙන් ඉල්ලීමක්කරඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS