කාබන් විමෝචනය ශූන්‍ය කරන්න යයි



සෞදි අරාබිය 2060 වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීමට යන බව වාර්තා වේ.

සෞදි අරාබිය හරිත රාජ්‍යයක් කිරිමේ වාර්ෂික සංසදයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින්  සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සෞදි හරිත උත්තරීතර කමිටුවේ සභාපති,  මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල්-සවුද කුමරු රියාද් නුවරදී ප්‍රකාශ කළේ ය.

2030 වන විට වාර්ෂිකව කාබන් විමෝචනය ටොන් මිලියන 278 කින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව කුමරු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

පළමු අදියරයේදි, පැළ මිලියන 450 කට වැඩි ප්‍රමාණයක් සිටුවීමට සහ භාවිතයෙන් ඉවත් කර ඇති ඉඩම් හෙක්ටයාර මිලියන අටක්  නැවත භාවිතයට ගැනීමට සැළසුම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS