කාන්තාවන්ට තරඟ නරඹන්න පුළුවන්



ඉරාන ජනාධිපති, හසන් රොහානිකාන්තාවන්ට පාපන්දු තරඟ නරඹීම සඳහාඅවසර ලබාදීමට කටයුතු කරන බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ඉරාන කාන්තාවන්ට වසර ගණනාවක සිට පාපන්දු නැරඹීම තහනම් කර ඇති අතර පසුගියදා පැවති පාපන්දු තරඟයක් නැරඹු කාන්තාවන් තිස්පස් දෙනෙක් ඉරාන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමෙන් පසු අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඉරාන ජනාධිපතිවරයාව මාර්තු 01දින හමු වී සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

කාන්තාවන්ට පාපන්දු තරඟ නැරඹීමට තමන්අවසර ලබාදීමට ඉදිරියේදි කටයුතු කරන බවනායකයින් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් අසුරෙනි)


RECOMMEND POSTS