කාන්තාවන් වෙනුවෙන් වූ සුපිරි වෙළද සැල් සංකීර්ණයක් ඕමානයේ



කාන්තාවන් වෙනුවෙන් වූ බහුකාර්ය සුපිරි වෙළද සැල් සංකීර්ණයක්  ඕමානයේ ඩොහාර් පළාතේ සලාහ් නගරයේදී විවෘත කිරිමට එරට වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පියවර ගෙන ඇත. 

කාන්තාවන්ගේ  පෞද්ගලිකත්වය රැුකෙන පරිදි හා  ඕමාන සංස්කෘතියට ගැලපෙන පරිදි මෙම සාප්පු සංකීර්ණය ඉදි කෙරෙන බව එහි ප‍්‍රධාන විධායක ඉංජිනේරු ෂෙයික් අහ්මද් අබ්දුල්ලා අල්් බහාර් පැවැසී යැයි ජී ඞී එන් වෙබ් අඩවිය සදහන් කරයි. 

කාන්තාවන් සදහා වූ විවිධ කි‍්‍රයාකාරකම් සදහා මෙම සාප්පු සංකීර්ණයේ සාප්පු විවෘත වන අතර බැංකු ශාඛා බිල් ගෙවීමේ කවුන්ටර්, මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවල කවුන්ටර් පිහිටුවන බව ද හෙතෙම පවසා තිබේ. 
 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS