කාන්තාවක් මරුට



ගාසා තීරයේ විරෝධතාවල නියැලුණු විරෝධතාකරුවන් පිරිසකට ඊශ්‍රායල හමුදා පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් විරෝධතාවට එක් වී සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූවාය.

මියගොස් ඇත්තේ 43 හැවිරිදි පලස්තීන කාන්තාවක් යැයි ගාසා සෞඛ්‍ය අමත්‍යාංශය පසුව අනාවරණය කළේය. ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ ගණන 25 කි.

පසුගිය මාර්තුවේ සිට මේ දක්වා, සෑම සිකුරාදා දිනයකම ගාසා තීරයේ විරෝධතා පැවැත්වෙන අතර ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් 241 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS