කාන්තා විමුක්තිවාදිනියක් මියයයි



ලෙබනනයේ කාන්තා විමුක්තිවාදිනියක් සහ එරට ජ්‍යෙෂ්ඨ ග්‍රන්ථ කතුවරියක වන එමිලි නස්රල්ලාහ්  අභාවප්‍රාප්ත වූවාය.

සිව් හැවිරිදි මවක වූ එමිලි නස්රල්ලාහ් මිය යන විට 87 හැවිරිදි වියේ පසු වූ අතර ඇය දකුණු ලෙබනනයේ හැදී වැඩුණු චරිතයක් විය.

පසුකාලීනව එනම් තරුණ වයසේදී  සිය ගම්පලාත වූ කෆීර් ප්‍රෙද්ශයේ සිට බීරෑට් අගනුවරට සංක්‍රමණය වූ ඇය ජනමාධ්‍ය සහ ග්‍රන්ථකරණයේ නිරත වීම පටන් ගනු ලබන්නේ සිය සැගවුණු කුසලතා ඔපමට්ටම් කරගනිමිනි.1962 දී ඇය විසින් ලියූ ප්‍රථම නවකතාව වන ‘‘ බර්ඩ්ස් ඔෆ්  සැප්ටෙම්බර් ‘‘ හරහා බීරෑට් හි ඇමෙරිකා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යපනය සහ සාහිත්‍යකරණය පිළිබද උපාධිය ලබා ගන්නීය.

ඇය ලෙබනනය තුල වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ග්‍රන්ථකරණයේ නිරත වීම තුළිනි.ඇය සිය ග්‍රන්ථකරණයේදී  ද බියුටිෆුල් ටයිම්ස් ,  වට් හැප්න්ඩ් ටු සීකෝ ආදී නවකතා , ළමා කතා , කෙටි කතා රැසක් ලියූ අතර ඒවා සියල්ලක්ම  වසර 15 ක් පුරා ලෙබනනයේ පැවති සිවිල් යුද්ධයෙන් බැට කෑ පවුල් වටා , ගැමි ජීවිතය සහ ආගමනය වැනි ක්ෂේත්‍ර අළලා ලියැවුණු කෘතීන් වේ.

එමිලි නසරල්ලා ගේ මෙම හදිසි මරණයත් සමග සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තැබූ ලෙබනනයේ අගමැති සාද් හරීරි  කියා සිටියේ ‘‘ මහගු සාහිත්‍ය සම්පතක් වූ නිර්මාණකාරියක අද දින ලෙබනනයට සහ අරාබි ලෝකයට අහිමි වූ බවය.ඒ වගේ රටේ කාන්තාවන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඇය කළ කැප කිරීම අති මහත් බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS